අලුත් සංචාරක කාඩ්පතක්

අලුත් සංචාරක කාඩ්පතක්

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා සංචාරක කාඩ්පතක් එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෞද්ගලික බැංකුවක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මෙම කාඩ්පත මගින් සංචාරකයන්ට සුරක්ෂිතව මෙරටදී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවනු ඇති.

එමෙන්ම මෙම කාඩ්පත මගින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවා සපයන්නන් සඳහා විශේෂ වරප්‍රසාද හිමිවන අතර, සංචාරකයන් සමඟ ගණුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාදද හිමිවනවා.

මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගණනය කරගැනීම සහ ඔවුන් රැගෙන එන විදේශ විනිමය ඍජුව බැංකු සමඟ හුවමාරුවීම කරගැනීමටද මෙම කාඩ්පත මගින් හැකිවීම විශේෂත්වයක්.