නෙල්ලිගල බස්රථ අනතුරක් – 28ක් රෝහලේ

නෙල්ලිගල බස්රථ අනතුරක් – 28ක් රෝහලේ

නෙල්ලිගල විහාරස්ථානය ආසන්න මාර්ගයේදී බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 28 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

අද පස්වරුවේ මෙලෙස අනතුරට පත්ව තිබුණේ මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානය වෙත ගිය 47 දෙනෙකු රැගත් බස් රථයක්.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

COMMENTS