අද උද්ඝෝෂණවලට එන පිරිසට අධිකරණයෙන් නියෝගයක්

අද (26) සංවිධාන කර ඇති බව කියන උද්ඝෝෂණ සංවිධාන කරන පිරිස්වලට ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම ගාලු මුවදොරට ඇතුලුවීම තහනම් බවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.
ඒ, කොටුව, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීථිය පොලිස් ස්ථාන අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණවල නිරත විය හැකි අතර, එම පෙළපාලිවලින් ඉහත සඳහන් කළ ස්ථානවලට ඇතුලුවීමේ හැකියාවක් නැහැ.
කළහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළවලට හෝ මහජනතාවට හානි සිදු කරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහය, පොලිස් ආඥා පනත, මංමාවත් පනත හා මැතිවරණ පනත යටතේ ක්‍රියාකරන ලෙසයි අධිකරණය විසින් පොලිසියට උපදෙස් ලබා දී ඇත්තේ.


