බදු ප්‍රතිපත්තියට එරෙහිව මාර්තු 8 අඛණ්ඩ වැඩවර්ජනයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව මාර්තු 8 අඛණ්ඩ වැඩවර්ජනයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව මාර්තු මස 8 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පෙරේදා (25) පැවති සාකච්ඡාවෙන් පසුවය.

වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි වෘත්තීයවේදීහු මෙම සන්ධානයට එක්ව සිටිති. සියලු ක්ෂේත්‍රවල වෙනත් වෘත්තීය සංගම් විසින් මාර්තු මස පළමුවැනිදා ක්‍රියාත්මක කරනු ලබන එක් දින සංකේත වැඩවර්ජනයටද මෙම සන්ධානය එක් වෙයි.

එම වෙනත් වෘත්තීය සංගම් ද අඛණ්ඩ වැඩවර්ජනයට එක් කරගැනීම සම්බන්ධයෙන් අද (27) සාකච්ඡාවක් පැවැත්වෙන අතර එම සාකච්ඡාවෙන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගය නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දෙන බව වෘත්තීයවේදීන්ගේ සන්ධානයේ නියෝජිතයෙක් ඊයේ (26) පැවසීය.