වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප

අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සෙසු පිරිසට ඇප නියම වී තිබෙනවා.
ඒ, අදාළ නඩුව අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී.
එහි දී ඇප හිමි වුණේ, වසන්ත මුදලිගේ, භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු ඇතුළු 62දෙනෙකුට යි.

