නිමල්ගේ දේහය සම්බන්ධයෙන් නියෝගයක්

ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටිය දී මියගිය නිවිතිගල ප්රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසත් අනතුරුව එය ඔහුගේ පුත්රයාට භාරදෙන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ නියෝග කළා.
මහේස්ත්රාත් පරීක්ෂණය සඳහා මහේස්ත්රාත්වරයා අද (28) කොළඹ ජාතික රෝහලට පැමිණි අතර එහිදී නියෝග කළේ සිරුර භූමදානය කරන ලෙසයි.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සුදුසු නියෝගයක් නිකුත් කිරීමට නඩුව ලබන 13 වැනිදා කැඳවීමට ද එහිදී නියෝග කෙරුණා.

