භූමිතෙල් මිල පහළට

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12.00 සිට බල පැවැත්වෙන පරිදි භූමිතෙල් මිල සංශෝධනය වනු ඇති.
රුපියල් 355කට පැවැති ලංකා භූමිතෙල්වල නව මිල රුපියල් 305ක් ලෙසත්, රුපියල් 464කට පැවැති ලංකා කාර්මික භූමිතෙල්වල නව මිල රුපියල් 330ක් ලෙසත් වන පරිදි මිල අඩු කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ.
එම නිවේදනය පහතින් දැක්වෙයි.


