රජයේ ආයතන බැංකු ගිණුම් පෞද්ගලික බැංකු වලටත්

රජයේ ආයතන බැංකු ගිණුම් පෞද්ගලික බැංකු වලටත්

ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට වෘත්තීය ක්‍රියාමාර්ග බාධාවක් වන්නේ නම් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට අවසර ලබාදීමට විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ කැබිනට් රැස්වීමේදීයි.

වැඩ වර්ජන, උද්ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවලදී රාජ්‍ය බැංකු හරහා ගනු-දෙනු කිරීමට නොහැකි වුවහොත් ණයවර ලිපි නිකුත් කිරීම ඇතුළු මූල්‍ය කටයුතු සියල්ලක්ම අඩාල වීමට ඇති අවදානම සම්බන්ධයෙන් ද විශේෂ කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.