ශුභසාධන ප්‍රතිලාභ ලබන්නන්ට විශේෂ දැනුම් දීමක්

ශුභසාධන ප්‍රතිලාභ ලබන්නන්ට විශේෂ දැනුම් දීමක්

ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයට අනුව ශුභසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් හඳුනා ගැනීමේ දත්ත සමීක්ෂණය මාර්තු 31 වන දා අවසන් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම මාධ්‍ය අංශය සඳහන් කළේ, නියමිත දිනට පෙර දත්ත සැපයීමට අපොහොසත් වීමෙන් ප්‍රතිලාභ අහිමි විය හැකි බව ය.

ක්ෂේත්‍ර නිලධාරීන්ට නිවැරදි හා කාලෝචිත දත්ත ලබා දෙන ලෙසට ජනාධිපති මාධ්‍ය අංශය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.