බදු ආදායම වැඩි කිරීම ගැන IMF මතය

බදු ආදායම වැඩි කිරීම ගැන IMF මතය

බදු ආදායම වැඩි කිරීමේ ප්‍රයත්නයන් දුප්පත් සහ අවදානම් සමාජ කණ්ඩායම් ආරක්ෂා වන පරිදි සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

එහි ශ්‍රී ලංකා කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි.

එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය.

පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම ප්‍රතිසංස්කරණ මගින් ණයහිමියන්ගේ විශ්වාසය නැවත ඇති කළ හැකි බවද එහි සඳහන් වෙයි.