අපේ වැඩ කොටස අවසන් – මහබැංකුව ස්වාධීන විය යුතුයි – මහබැංකු අධිපති

අපේ වැඩ කොටස අවසන් – මහබැංකුව ස්වාධීන විය යුතුයි – මහබැංකු අධිපති

ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට ද මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදියි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව අවධාරණය කළේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 15.50 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ද (SLFR) සියයට 16.50%ක් බවත් මහබැංකු මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා.

රටේ සංවර්ධනයට මහබැංකුව සතු ස්වාධීනත්වය වැදගත් සාධකයක් බව ද මහබැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ජනප්‍රිය තීරණ මත පදනම් විය නොහැකි බවයි ආචාර්‍ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව දේශපාලන තීන්දුවලින් බැහැරව කටයුතු කළ යුතු බව ද හෙතෙම කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,

“ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන දැන් සම්පූර්ණයෙන්ම අපි විසින් කළ යුතු සියලුම වැඩකටයුතු කර අවසන්.

අපි බලාපොරොත්තු වෙනවා ඉතා සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් ඉක්මණින් ලැබෙයි කියලා.

එතකොට මීටත් වඩා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි.

මේ ගත්ත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අනුව විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවෙලා තියෙන්නේ.

IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්.” යනුවෙන්