ප්‍රභාකරන් ජීවතුන් අතර ද ? නැද්ද ? නෙදුමාරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනයාට නව බලාපොරොත්තුවක් ලබාදෙන බව ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී.නෙදුමාරන් පවසනවා.
ANI පුවත් සේවයට ප්‍රකාශයක් සිදු කෙරෙමින් ඔහු සඳහන් කළේ, ප්‍රභාකරන් ජීවත් ව සිටින බවට නිසි සාක්ෂි ලැබුණු විගස එය මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
එම ප්‍රකාශය සමග මේ වනවිට දෙමළ ජනයා බෙහෙවින් ම උද්‍යෝගයට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළා.
පී.නෙදුමාරන් ANI පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නක්…,
“Announcement that Prabhakaran is alive has given new hope & enthusiasm to all Sri Lankan Tamils… If we want to reveal the proof that he’s alive, I’ll call you and reveal the proof. As soon as I get the evidence, I will meet the media and release it..”
එමෙන්ම ප්‍රභාකරන් සැඟවී සිටින බවත් ඔහු ළඟඳීම ප්‍රසිද්ධියේ පෙනී සිටීමට කටයුතු කරන බවටත් නෙදුමාරන් වැඩිදුරටත් කියා සිටිනවා.
ප්‍රභාකරන් නමැති එල්.ටී.ටී.ඊ. ඊළාම් ත්‍රස්තවාදී නායකයා සිවිල් යුද්ධය අවසාන අදියරේ දී 2009 මැයි 18 වන දින මෙරට හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ අතර ඔහුගේ සිරුර මුල්ලිවායාකල්හි වනයෙන් සොයාගැනුණා.


