හිටපු ජනපතිගේ රට ගමන් තහනම ඉවතට

හිටපු ජනපතිගේ රට ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ගාලුමුවදොර පැවති අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද (08) මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේ දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුවයි අදාළ තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවේ.

COMMENTS