ආනයනික අර්තාපල් සඳහා වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව අදාළ බද්ධ රුපියල් 30කින් ඉහළ දමා ඇති අතර, එය මාස 6ක කාලයක් සඳහා ක්‍රියාත්මක බව සඳහන්.
නව බද්ද කිලෝවක් සඳහා රුපියල් 50ක් බව යි මුදල් අමාත්‍යාංශය වාර්තා කරන්නේ.

