සිංහ කිවි ටෙස්ට් ගැටුම අද

ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුව සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද නවසීලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරනවා.
පළමු ටෙස්ට් තරඟය ක්රයිස්චර්ස් හි හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණේ මෙරට වේලාවෙන් අද අලුයම 3.30 ටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය තුල මෙතෙක් ඉතිහාසයේ ටෙස්ට් තරඟ ජයග්‍රහණය කළ අවස්ථා ඇත්තේ දෙකක් පමණයි. ඒ 1995 වසරේ සහ 2006 වසරේදීයි.
මේ අතර අද ආරම්භ වන තරඟයේ දී ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර යාමේ අවස්ථාව ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙනවා. ඒ සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 47ක්.

