මෙන්ඩාගෙන් ටෙස්ට් වාර්තාවක් – ඇන්ජිත් කඩයිමක් පසු කරයි

මෙන්ඩාගෙන් ටෙස්ට් වාර්තාවක් – ඇන්ජිත් කඩයිමක් පසු කරයි

විදෙස් පිතිකරුවෙකු නවසීලන්තයේ දී රැස් කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලාංකාවේ කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඒ නවසීලන්තය සමඟ අද (09) ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදියි.

පන්දු 40කදි අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්වු කුසල් මෙන්ඩිස් පන්දු 83කදී ලකුණු 87ක් ලබා සිටිය දී දැවී ගියා.

එහි දී දෙවන කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ඒ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසිලන්ත ටෙස්ට් තරඟයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමඟම ඔහු එම වාර්තාව තමා සතුකර ගත්තේය.

මේ වනවිට ටෙස්ට් තරඟ 101කදී මැතිව්ස් ලකුණු 7000ක් ලබාගෙන ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.

නමුත් ඔහුව ලකුණු 47දීම දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන මැට් හෙන්රි සමත්විය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවි ලකුණු 260ක් ලබාගෙන සිටී.