ගුරු සංගම් සංකේත වර්ජනයකට සැරසෙයි

ගුරු සංගම් සංකේත වර්ජනයකට සැරසෙයි

එළඹෙන 15 වැනිදා එක්දින සංකේත වර්ජනයක් දියත් කරන බව ගුරු වෘත්තීය සංගම් පවසනවා.

එහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද (09) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ.

එමෙන්ම බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාම වැනි කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40කගෙන් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ද අද (09) සිට විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉහළ ගොස් ඇති ජීවන වියදම සහ බදු බරට එරෙහිව මෙන්ම, ඖෂධ හිඟයට විසඳුම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ සංකේත වර්ජනය අද (09) පෙරවරු 8න් අවසන් කෙරුණා.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සහ තවත් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.