අද අහස වලාකුළුවලින් බර වෙයි

අද (10) දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බර ව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.
මධ්‍යම, ඌව සහ නැඟෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව යි වාර්තා වන්නේ.

