රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඩොලර් 400ක් සොරා ගෙන

රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඩොලර් 400ක් සොරා ගෙන

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඇමෙරිකානු ඩොලර් 400කට ආසන්න මුදලක් වංචනික ලෙස සොරා ගත් සිද්ධියක් පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

අන්තර්ජාල ගණුදෙනුවක් හරහා මෙම වංචනික ක්‍රියාව සිදු වී ඇති බව යි නාරාහේන්පිට පොලිසිය විසින් අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ.

රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් අමෙරිකානු ඩොලර් 387ක අන්තර්ජාල ගණුදෙනු හතරක් කිසියම් අයකු සිදු කර ඇති බව මෙහි දී හෙළිදරව් වී තිබෙනවා.

රෝහිත රාජපක්ෂ ඉකුත් මාර්තු 3 වැනි දා මාතර නිවසකට යමින් සිටිය දී තම ක්‍රෙඩිට් කාඩ්පත නැති වූ බවට නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණු බව සඳහන්.

අදාළ බැංකු ගිණුම් වාර්තා නිකුත් කරන ලෙස අදාළ පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාල කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් රෝහිත රාජපක්ෂ රැකියාවක් කරන බවට වාර්තා නොමැති නිසා, ඔහුගේ ආදායම් මාර්ගය පිළිබඳ නිතර ප්‍රශ්න කර ඇති බව ද මෙහි දී අවධාරණය වුණු බව සඳහන්.