නාමල්ට සභාපති තනතුරක්

නාමල්ට සභාපති තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පත් කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ, පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බවයි.

මේ අතර බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ ද , භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස බුද්ධික පතිරණ ද පත්කෙරිණ.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පත් කෙරුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩටයි.