පේරාදෙණියදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කෙරේ

පේරාදෙණිය, ඉල්ලගොල්ල ප්රදේශයේදී, පුද්ගලයෙකු පහර දී ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, නිවසක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු ද ඒ අතර වන බව පොලිසීය සඳහන් කළේ ය.
මෙලෙස ඝාතනය වී ඇත්තේ, මොගොඩකළුගමුවේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

