පොහොට්ටුවේ පළමු ඡන්ද රැස්වීම මොණරාගලදී

පොහොට්ටුවේ පළමු ඡන්ද රැස්වීම මොණරාගලදී

පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීම මොණරාගලදී අද (12) පැවැත්වුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මොණරාගල නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම එම නගරයේදී පෙරවරු 11 ට ආරම්භ කෙරුණා.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පැමිණ සිටින බවයි වාර්තා වෙන්නේ

පසුගිය 9 වනදා පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුවද ඒ සම්බන්ධයෙන් පැවතියේ අවිනිශ්චිත තත්වයක්.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ආරම්භ කළේ නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කර ඇත්තේ ලබන මස 25 වනදා පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි.

මොණරාගලදී පැවැත්වෙන සිය පළමු ආසන බලමණ්ඩල හමුව මෙලෙස පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන්වයෙන්.