උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ පරීක්ෂණය ලබන 25

උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ පරීක්ෂණය ලබන 25

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන පරීක්ෂණය මධ්‍යස්ථාන 341කදී ලබන 25 වැනිදා පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, ඊට අදාළ ප්‍රවේශපත්‍ර විභාග අපේක්ෂකයින් වෙත යැවීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරින් ගණනය කර බඳවා ගැනීම් සිදුකරනු ලබනවා.