බස්නාහිර, මධ්‍යම පළාතේ පාසල් වාර විභාග කල් යයි

බස්නාහිර පළාතේ වසර අවසාන වාර විභාගවලට අදාළව හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පියවර ගත් බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පවසනවා.
එම තීරණය සියලුම කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව 9 ශ්‍රේණියට අදාළව හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ ගණිතය, සිංහල සහ දෙමළ විෂයන්වලට අදාළ විභාග ලබන 21 වැනිදා පැවැත්වෙනු ඇති.
එසේම 10 සහ 11 ශ්‍රේණිවල හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ විෂයන්වලට අදාළ විභාග 22 වැනිදා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
ගුරු සහ විදුහල්පති සංගම් කිහිපයක් හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර, මධ්‍යම පළාතේ සියලුම පාසල්වල හෙටට යෙදී තිබූ 6 සහ 9 ශ්‍රේණි වාර විභාගය මාර්තු 17 වැනිදාටත්, 10 සහ 11 ශ්‍රේණි වාර විභාග මාර්තු 22 දිනටත් පවත්වන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

