පෞද්ගලික හා ලංගම බස් සාමාන්‍ය පරිදි වැඩ

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (15) ක්‍රියාත්මක වර්ජනයට පෞද්ගලික බස් රථ මෙන්ම ඇතැම් දුම්රිය වෘත්තීය සමිති සහ ශ්‍රී ලංගම වෘත්තිය සමිති සහය පළ නොකරන බව ඊයේ ප්‍රකාශ වුණා.
කෙසේ වෙතත් දුම්රිය සේවකයින් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
කොළඹින් බැහැර ස්ථාන දහයක සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු ඊයේ සිට අවලංගු කර තිබෙනවා.
ඒ අනුව අද සේවයට වාර්තා නොකරන සියලු නිලධාරින්ගෙන් නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රධානීන් වෙත දැනුම් දුන්නා.
මේ අතර ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය එක්නොවන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ සභාපති නුරාර්ජිත් සිං ප්‍රකාශ කළේ සංගම් 5ක් මෙම වර්ජනයට සහය නොදක්වන බවයි.
එමෙන්ම, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද මෙම වර්ජනයට එක්වන්නේ නැහැ.
රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල සංශෝධනය, රෝහල්වල බෙහෙත් නැති වීම, ප්‍රතිව්‍යූහගත කිරීම ආදී ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක වන වර්ජන මාලාව අදත් ක්‍රියාත්මක යි.
වෛද්‍ය වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, බාහීර රෝගි අංශය හා සායනික අංශය හැර සෙසු සියලු ම අංශ පාහේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව වෛද්‍ය වෘත්තීය සංගම් පවසනවා.

