සහරාන්ගේ බිරිඳට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 04කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඊයේ (15) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරු තිබෙනවා.
කල්මුණේ මහාධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත ඇයව මුදාහැරීමටයි.
පාස්කු ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම සිදුකළ ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් ලබාදුන් තොරතුරු පොලීසියට හෙලි නොකිරීම ඇයට එල්ල වී තිබෙන චෝදනාවයි.
මෙහි දී සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ මහාධිකරණය, සෑම මසක ම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කළේ.

