සියනෑ කුමාරිගේ මෝටර් රථයක් ගැටී දෙදෙනෙක් මරුට

සියනෑ කුමාරිගේ මෝටර් රථයක් ගැටී දෙදෙනෙක් මරුට

මහනුවර සිට මාතර බලා ධාවනය වූ සියනෑ කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණි.

පසුව එම ස්ථානයේ සිට මීටර් 200ක් දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා මෝටර් රථය දුම්රියේ පැටලී ඇදි ගොස් ඇත.

අනතුරට ලක්වු මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙක් සිරවී සිටි අතර ඔවුන්ව බේරාගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරීය.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කලේ ඔවුන් දෙදෙනා ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවය.