මහියංගන මාර්ගයේ 18 වංගුව මාර්ගය වසා දැමේ

මහියංගන මාර්ගයේ 18 වංගුව මාර්ගය වසා දැමේ

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.