යූරියා පොහොර මිලත් බස්සයි

යූරියා පොහොර මිලත් බස්සයි

පුද්ගලික පොහොර ආයතන මගින් බෙදාහරින යූරියා පොහොර කි.ග්‍රෑ. 50ක මිටියක මිල රු. 7,500කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව, දැනට වෙළෙඳපොලේ රු. 18,500ක් වන යූරියා මිටියක මිල රු. 7,000 දක්වා පහළ යනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම පසුගිය කන්නය සඳහා රජයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් යූරියා පොහොර කි.ග්‍රෑ. 50ක මිටියක් ලබා දුන්නේ රු, 10,000ක මිලකට ලබා දී තිබුණා.