ගුරු විභාගය උසාවි නියෝගයකින් නවතියි

රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය හෙට (25) දිනයේ දී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ ඊට අදාළ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබීමත් සමඟයි.
ඒ අනුව හෙට දිනයේ දී අදාළ ගුරු විභාගය නොපැවැත්වෙන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

