ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු මරුට

කටාර් රාජ්‍යයේ බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන් වී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ පුත්‍රයා විසින් සිය පියාගේ සිරුර හඳුනාගෙන තිබෙනවා.
කඩා වැටුණු ගොඩනැගිල්ල තුළ පවුල් 12කට අයත් සාමාජිකයින් සිට ඇති අතර ඔවුන් මේ වන විට මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

