විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

එළඹෙන ජුලි මාසය වනවිට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සූර්ය බලයෙන් විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය මූලික අදියරේ වැඩකටයුතු ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (28) පැවති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ලියාපදිංචි ආගමික ස්ථානවලින් ඉල්ලා සිටියේ එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවතී නම් තමා වෙත දන්වන ලෙසයි.