රජය විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක

රජය විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක

හැකි සෑම අවස්ථාවක ම රජය විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (29) ඕවර්ලෑන්ඩ් ඔටෝ මොබයිල් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වෙමිනි.

විදේශගත ශ්‍රමිකයින්ට සලකන්න ඉලෙට්‍රික් වාහන ආයනයනයට බලපත්‍ර ලබා දීමට අපි කටයුතු කළා. මේ යෝජනාව ගෙනාපු වෙලාවේ කැබිනට් මණ්ඩලය ඒ සඳහා පූර්ණ සහය ලබාදුන්නා. ඉලෙට්‍රික් වාහන විතරක් ආනයනය කරනවා කියලා තව ම අපේ රටේ තීරණයක් අරගෙන නෑ. හැබැයි රජයක් විදියට අපි පුනර්ජනනීය බලශක්තියට යන්න ඕන, හරිත බලශක්තියට යන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයේ සිටිනවා. ලෝකය පුනර්ජනනීය බලශක්තියෙන් ඉදිරියට යන විට අපි ඉලෙට්‍රික් වාහනවලට අවසර ලබා දීමට කටයුතු කළේ. රජයක් විදියට අපි පුළුවන් හැම අවස්ථාවක ම විද්‍යුත් වාහන පමණක් ආනයනය කිරීමට අවසර ලබා දීමේ ස්ථාවරයක සිටිනවා. අනාගතයේදී රජයට ගේන වාහන සියල්ල ම විද්‍යුත් වාහන විතරයි කියන තීන්දුව අරගෙන ඉවරයි.

විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ආනයනය කිරීමේ අවස්ථාව උදාවෙලා තිබුණේ පසුගිය අවුරුද්දේ මැයි මාස 1 වන දා සිට දෙසැම්බර්31 වන දා දක්වා මෙරටට එවූ මුදල් වෙනුවෙන් පමණයි. අපි ඒ කාලය මේ වසරේ අගෝස්තු අවසානය දක්වා මුදල් එවා ඇති අයට වාහන ආනයනය කිරීමට හැකි පරිදි අදාල සංශෝධනයන් කරනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නවා. ඒ වගේ ම පුද්ගලික වශයෙන් රටට ඩොලර් ගෙන්වා ගන්නා අය ඉන්නවා නම් ඒ අයටත් ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සදහා අනුමැතීන් ලබාදීමට කටයුතු කරනවා.” යනුවෙන්