ඉන්දීය බිත්තර අද සිට රුපියල් 35ට

ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මේ අතර රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ඊයේ සඳහන් කළේ අදාළ බිත්තර තොග නිදහස් කරගෙන අද (30) සිට ඒවා බෙදාහරින බවයි.
ඒ අනුව හෝටල් සහ බේකරි හිමියන්ට රුපියල් 35ක මිලකට බිත්තර අලෙවි කෙරෙනු ඇති.
රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පැමිණ බිත්තර සඳහා ඇණවුම් ලබාදිය හැකි අතර, එහි ගබඩාවලින් බිත්තර නිකුත් කිරීම සිදු කෙරෙන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මෙරට බිත්තර මිල පාලනය කිරීම මෙන්ම බිත්තර හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කෙරුණු පළමු බිත්තර තොගය රැගත් නෞකාව පසුගිය 23 වැනිදා දිවයිනට ළඟා වුණා

