ශ්රී ලංකාව තරඟාවලිය පරාදයි

ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වෙනි එක්දින ක්රිකට් තරඟය නවසීලන්තයේ හැමිල්ටන් හි සෙඩෝන් පාර්ක් ක්රීඩාංගනයේ දී අද (31) පැවැත්වුනා.
එහිදී නවසීලන්තය පන්දු වාර 32 කදී කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා තරඟයේ ජයග්රහණය ඉතා පහසුවෙන් ලඟාකර ගත්තා.
මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 157 ක් පමණයි.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ 2 – 0 ක් ලෙස නවසීලන්තය ජයග්රහණය කරනු ලැබුවා.

