එදා කළදේමයි සජිත් විවාදයටත් කළේ – හරීන්
රටත් ජනතාවත් වැටිච්ච අමාරුවෙන් ගොඩගැනීමේ අභියෝගය බාර ගන්නා ලෙස කරනු ලැබූ ඉල්ලීම මඟහැරි සජිත් ප්‍රේමදාස මෙවර විවාදයට ද කළේ ඒ ටිකම බව සංචාරක, ක්‍රීඩා, ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ගාල්ලේ දී ප්‍රශ්න කළේය. ගාල්ලේදී ලබන 14 සහ 15 දෙදින පැවැත්වීමට නියමිත ස්මාට් යූත් නයිට් සැණකෙළිය පිළිබඳ ගාල්ලේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මෙම අදහස් පළ කළේය.
“එදා රටත් ජනතාවත් වැටිච්ච අමාරුවෙන් ගොඩගැනීමේ අභියෝගය බාර ගන්නා ලෙස කරනු ලැබූ ඉල්ලීම මඟහැරි සජිත් ප්‍රේමදාස මාලිමාව විවාදයකට එන්න කීවා. එන්නම් කීවා පස්සෙ බෑ කිව්වා, කට්ටියක් එක්ක එන්නම් කීවා අන්තිමේදි විවාදයට එයා ආවේ නැහැ.විවාදයට ඇවිත් ඒ අභියෝගය බාර ගන්න බැරි මිනිහෙක් රටක් භාරගෙන රටක් පාලනය කරන්නේ කෙසේද මෙවර විවාදයට ද කළේ එදා කල ටිකමයි“
“අපි ගත්තු ණය සියල්ලම අපි ගෙවනවා. රට තවත් සරු වූ පසුව තවත් සහන දෙනවා. මේ සහන දෙන්නේ ඡන්ද තියන නිසා නොවෙයි. එදා රට වැටී සිටි අමාරුම තත්ත්වයෙන් මේ වනවිට රට මුදාගෙන යම් සහනයන් ලබා ගෙන සිටින නිසා” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
“ආණ්ඩු වෙනස් වුණාට වෙනස් නොවන ජාතික සංචාරක ප්‍රතිපත්තියක් දැන් සකස්කර අවසන් කර තිබෙනවා. ළඟදීම එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර සම්මත කර ක්‍රියාත්මක කිරීමට නියමිතයි” යැයිද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය.